ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

Report

සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් (Threat Hunting and Malware Analysis Lab) පිහිටුවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ැති බව වාර්තා වේ.

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ඒ අනුව ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල්කරණ ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාව තම ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට බලාපොරොත්තු වේ.

එසේම එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් වශයෙන් හඳුනා ගෙන ඇත.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

මේ වෙනුවෙන් සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්යේෂණ සිදු කිරීම යනාදිය අරමුණු කර ගනිමින් පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලයෙන් යෝජිත සයිබර් තර්ජන සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකය පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර තිබෙනවා.  

ශ්‍රී ලංකන්ට නව රක්ෂණයක් – කැබිනට් අනුමැතිය ලැබුණා

ශ්‍රී ලංකන්ට නව රක්ෂණයක් – කැබිනට් අනුමැතිය ලැබුණා