ළඟදි විවාහ වෙන්න යන ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න, සාරංග වෙනුවෙන් තැබූ සටහන.. (PHOTOS/VIDEO)
උමාලි තිලකරත්න පුංචි තිරය තුළ අපට හමුවන බොහෝම අහිංසක චරිතයක්. ඒ වගේම ඇය නිරූපණය කරපු සියලුම චරිත පාහේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් වැළඳ ගත්ත නිර්මාණ බවට පත් වුණා. ඉඳහිට සිනමා තිරයේ ද දැකගන්න පුළුවන් ඇය සමාජ මාධ්‍ය තුළත් නිහඬ චරිතයක් විදිහට හඳුනාගන්නට පුළුවන්. කොහොම නමුත් ඇය පිළිබඳව බොහෝ විට කතාබහට ලක්වුණු ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ ඇයගේ දික්කසාද වීම සම්බන්ධයෙන්.
ඉතින් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟ ඇයගේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙනවා. නමුත් ඔහු දැන් රංගන ශිල්පිනී දිනක්ෂි සමගින් විවාහ වෙලා පුංචි දියණියගේ පියෙකු බවට පත්වෙලා තියෙනවා. මේ කරුණු කාරණා මූලික කරගනිමින් නිහඬ කාල පරාසයක් උමාලි ගත කලා. ඉතින් කාලෙකට පසුව ඇය පිළිබඳව නැවතත් සමාජය තුළ කතා බහට ලක් වෙන්නට වෙලා තිබෙනවා. මෙයට ප්‍රධාන හේතු කාරණාවක් බවට පත්වෙනවා දෙවන වරටත් ඇය විවාහ වෙනවා කියන පුවත.
ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදුකළා. ඒත් සමඟින් ඇයට ඇගේ පියා ගැන ලැබුණු සුඛෝපභෝගී නිවසක් පිළිබඳවද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක් වුණා. ඉතින් ඒ පිළිබඳවත් යම් අවස්ථාවක ඇය සදහනක් ඉදිරිපත් කරලා තිබුණු ආකාරය දැකගන්නට ලැබුනා. නමුත් බොහෝ දෙනාගේ සුබපැතුම් ආදරය මැද ඇය විවාහ වෙන්නට යනවයි කියන කාරණාව ඇත්තක්. ඉතින් ඒ වෙනුවෙන් බොහෝ අය ඇයට සුභ පැතුම් පණිවිඩ නිකුත් කරල තිබුණා.
ඉතින් කලා කටයුතු වලටත් පෞද්ගලික ජීවිතයටත් සුභ පැතුම ලැබෙන අතරතුරේ දී පසුගිය දවසක ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමකට අපූරු සටහනක් ඉදිරිපත් කරලා තිබුණා.ඒ සටහන තමයි වෙන්වීමෙන් පසු වුවද ගෞරවය රැකීම ආදරයේ කොටසකි යනුවෙන්. කොහොම නමුත් උමාලි සහ සාරංග ආදර කතාව ආදරයෙන් වැළඳ ගත්ත යුවලක් බවට පත්වුණා. නමුත් ප්‍රේක්ෂකයන් ගොඩක් දුක් වෙන කාරණාවක් වෙන්නේ මේ ආදරණීය යුවලගේ වෙන්වීමේ කාරණාව.
කෙසේ වෙතත් උමාලි ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කෙරෙන දේවලින් ඇයගේ ආදරණීය රසිකයන්ට අපූරු පණිවිඩයක් නිකුත් කරනවා. ආදරය විරහව කියන එක ගැන ඇය ඇගේ ජීවිතයේ වගේම කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරනවා. ඉතින් අවසාන වශයෙන් අපි බොහොම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා ඇගේ විවාහ කටයුතුවලට වගේම කලා කටයුතුවලටත්.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |