ට්‍රම්ප්ගේ විරෝධය නොතකා බ්‍රිතාන්‍ය අගමැති පලස්තීන රාජ්‍යය පිළිගනී

Report

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් අද (21) පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම තීරණයත් සමඟ බ්‍රිතාන්‍යය G7 කණ්ඩායමේ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු රට බවට පත්වනු ඇත.

බ්‍රිතාන්‍යයට අමතරව, ප්‍රංශය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරතුර එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් තවදුරටත් කියා සිටියේ;

 “අද, මෙම ශ්‍රේෂ්ඨ රටේ අගමැති ලෙස, සාමය සහ ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා බලාපොරොත්තුව නැවත ඇති කිරීම සඳහා එක්සත් රාජධානිය පලස්තීන රාජ්‍යය විධිමත් ලෙස පිළිගන්නා බව මම පැහැදිලි කරමි”

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මෙම තීරණයට දැඩි විරෝධය පළ කර ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය සතියේ බ්‍රිතාන්‍ය සංචාරයේදී අගමැති ස්ටාමර් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කළ බව සඳහන් වේ.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි