විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම දීමක්..
2020 උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍ර සඳහා පසුගිය සිකුරාදා (21) සිට ලබන මස 11වනදා දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කාලසීමාව විවෘත කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
මේ දිනවල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සහ පාසල් වසා ඇති බැවින් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී පාසලෙන් ලබාගත යුතුව තිබූ කිසිදු සහතිකයක් නොමැතිව අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ කරුණු කාරණා පමණක් ඇතුළත් කර අදාළ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ හැකියාව පවතින බව ඒ මහතා පැවසීය.
ඒ අනුව පාසල් හැරයෑමේ සහතික, විදුහල්පතිතුමාගේ සහතිකය ආදී සහතික දැනට පවතින ක්‍රමවේදය ඔස්සේ අවශ්‍ය නොවේ. ඊට අමතරව අදාළ පාසල් අයදුම්කරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ද එහි ඇමිණිය යුතු නොවේ.
පෞද්ගලික අයදුම් කළ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඔවුන්ගේ පදිංචිය සහතික කිරීම, ග්‍රාම නිලධාරී සහතික ලබා ගැනීමද අවශ්‍ය නොවන බව මෙහිදී දැනුම් දුනි.
ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන්ද අදාළ අයදුම් පත්‍ර තමන් සතුව ඇති දත්ත මත සම්පූර්ණ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකළ යුතුය.
සංචරණ සීමා අවසන් වී පාසල් විවෘත කළ පසුව අවශ්‍ය සහතික ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවද දැනුම් දෙයි.
සංචරණ සීමා පවතින මෙම කාලසීමාව තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ග ගත ක්‍රමයට (online) පමණක් අයදුම්පත් යොමුකිරීම ප්‍රමාණවත් බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
