A/L සමත් වූ සිසුන්ගේ අවධානයට – විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය ගැන UGC නිවේදනය කරයි

Report

 අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2025 විභා­ගයේ ප්‍රති­ඵල අනුව විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය සඳහා තෝරා ගත් සිසුන්ගේ ලියා­ප­දිංචි කිරීම් මේ සතිය තුළ ආරම්භ කරන බව විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව සඳ­හන් කර ඇත.

 මෙවර කඩ­ඉම් ලකුණු අනුව නව පාඨ­මාලා දෙකක් ආරම්භ කිරී­මට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව පිය­වර ගෙන ඇත.

භූගෝ­ලීය තොර­තුරු පද්ධති අධ්‍ය­යන පාඨ­මා­ලාව සිසුන් 50කගෙන් යුක්තව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යේත්, ඉලෙ­ක්ට්‍රො­නික සහ බුද්ධි­මය පද්ධති ඉංජි­නේරු විද්‍යාව අධ්‍ය­යන පාඨ­මා­ලාව සිසුන් 50 කගෙන් යුක්තව රුහුණ විශ්ව­වි­ද්‍යා­ල­යේත් ආරම්භ කර තිබේ.

 මෙම උසස් පෙළ විභා­ග­යට සිසුන් 281,810ක් පෙනී සිටි අතර ඉන් 41,746ක් පාඨ­මාලා 130කට අධික සංඛ්‍යා­වක් සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබා තිබේ

වසර 16කට පස්සේ පේරාදෙණියෙන් දැකබලා ගන්න ලැබෙන අපූරු අත්දැකීම- ලොව විශාලතම යෝධ උඩවැඩියා මල පිපෙයි

වසර 16කට පස්සේ පේරාදෙණියෙන් දැකබලා ගන්න ලැබෙන අපූරු අත්දැකීම- ලොව විශාලතම යෝධ උඩවැඩියා මල පිපෙයි

ජෛවීය විද්‍යා විෂය ධාරා­වෙන් සිසුන් 9915ක් ද, භෞතීය විද්‍යා විෂය ධාරා­වෙන් 7268ක් ද, වාණිජ්‍ය විෂය ධාරා­වෙන් 8061ක් ද, කලා විෂය ධාරා­වෙන් 11, 417ක් ද, ඉංජි­නේරු තාක්ෂ­ණ­වේ­දය විෂය ධාරා­වෙන් 2483ක් ද, ජෛව පද්ධති තාක්ෂ­ණ­වේ­දය විෂය ධාරා­වෙන් 1479ක් ද, වෙනත් විෂය ධාරා­ව­ලින් 1123ක් ද විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබා ඇත.

උසස් පෙළ විභා­ගය සඳහා පෙනී සිටි සමස්ත සිසුන් 281,810 න් 176,570 විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශ­යට මූලික සුදු­සු­කම් ලැබූ අතර ඉන් 92,051 ක් විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශ­යට අය­දුම් කර තිබිණි. 

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න