වසර 16කට පස්සේ පේරාදෙණියෙන් දැකබලා ගන්න ලැබෙන අපූරු අත්දැකීම- ලොව විශාලතම යෝධ උඩවැඩියා මල පිපෙයි

By Kanchana Aug 03, 2026 03:33 AM GMT
Report

ලොව විශා­ල­තම උඩ­වැ­ඩියා ශාඛ­යක යෝධ උඩ­වැ­ඩියා මල් ගොන්නක් මේ දින­වල පේරා­දෙ­ණිය රාජ­කීය උද්භිද උද්‍යා­නයේ පිපී තිබෙන බව සදහන් වෙයි Grammatopyllum speciosum උද්භිද විද්‍යා­ත්මක නමින් හඳු­න්වන මෙම යෝධ උඩ­වැ­ඩියා ශාඛය ලොව විශා­ල­ත්ව­යෙන් වැඩිම උඩ­වැ­ඩියා ශාඛය ලෙස වර්තා ගත වී ඇති බව පේරා­දෙ­ණිය රාජ­කීය උද්භිද උද්‍යා­නය සඳ­හන් කර ඇත.

  මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පේරා­දෙ­ණිය රාජ­කීය උද්භිද උද්‍යා­නයේ උඩ­වැ­ඩියා අංශ ප්‍රධානී ඉරෝ­ෂණි අන්ද්‍රාදි මහ­ත්මිය සදහන් කළේ මෙවෑන්නකි.

  “මෙම යෝධ උඩ­වැ­ඩියා ශාඛයේ මල් පේරා­දෙ­ණිය උද්භිද උද්‍යා­නයේ දකි­න්නට ලැබෙන්නේ අවු­රුදු 16කට විතර පස්සේ. මෙම මල් හට ගෙන ඇති ශාඛය 2022 වසරේ රෝප­ණය කළ එකක්. ඒකේ පළමු වතා­ව­ටයි 

මේ මල් පිපිලා තියෙන්නේ. මුලින් 2010 දී විතර මේ මල් විශේ­ෂය දකින්න ලැබුණා. ඊට පස්සේ අවු­රුදු 16කට විතර පස්සේ තමයි, මේ දැන් දකින්න ලැබිලා තියෙන්නේ. මේ ශාඛය රෝප­ණය කළේ 2022 දී. විශා­ල­තම උඩ­වැ­ඩියා ශාකය වන මේ ශාඛය වැඩි­යෙන් පැති­රිලා තියෙන්නේ අග්නි­දිග ආසි­යානු රට­ව­ලයි. මෙම ශාඛයේ විශාල ශාඛ­යක් ගත්ත­හම ටොන් එකක් විතර බරක් තියෙ­නවා. මේකේ මීටර් දෙකක් තුනක් විතර උස මල් කිනිති හැදෙ­නවා. මේ මල් වර්ගය අති­ශ­යින්ම දුර්ලභ නිසා අපි ආරා­ධනා කර­නවා. දෙස් විදෙස් සංචා­ර­ක­යන්ට මේ ලැබෙන දුර්ලභ අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජ­නය ගෙන ලොව විශා­ල­තම උඩ­වැ­ඩියා මල්ගොන්න දැක­ගන්න පැමි­ණෙ­න්නැයි“

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ජාතික උද්භිද උද්‍යාන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් එච්.සි.පි. ජය­වීර මහ­ත්මිය සඳ­හන් කරන්නේ, පේරා­දෙ­ණිය රාජ­කීය උද්භිද උද්‍යා­නයේ මේ වන විට පිපී ඇති මෙම මෙම යෝධ උඩ­වැ­ඩියා මල් සමූ­හය දැක ගැනී­මට සියලු දෙනාට ආරා­ධනා කරන බවයි.

මෙම ලොව විශා­ල­තම ඕකිඩ් මල් ගොන්න දැක ගැනී­මට ලැබී ඇති දුර්ලභ අව­ස්ථා­වක් බවත් අධ්‍යක්ෂ ජන­රාල් ජය­වීර මහ­ත්මිය තව­දු­ර­ටත් සඳ­හන් කළාය. Gammatophyllum speciousm උද්භිද විද්‍යා­ත්මක නමින් හඳු­න්වන මෙම උඩ­වැ­ඩියා ශාඛය තායි­ල­න්තය, මැලේ­සි­යාව, ඉන්දු­නී­සි­යාව, සිංග­ප්පූ­රුව, පිලි­පී­නය ඇතුළු රට­ව­ල්වල විශේ­ෂ­යෙන් දක්නට ලැබෙයි.

කෑගල්ල මහ පාර මැද බස් දෙකක් එකිනෙක හැපෙයි - උදෑසනම සිදුවූ දරුණු අනතුරෙන් 20කට තුවාල

කෑගල්ල මහ පාර මැද බස් දෙකක් එකිනෙක හැපෙයි - උදෑසනම සිදුවූ දරුණු අනතුරෙන් 20කට තුවාල

පේරා­දෙ­ණිය උද්භිද උද්‍යා­නයේ උඩ­වැ­ඩියා අංශය තව­දු­ර­ටත් සඳ­හන් කරන්නේ යෝධ උඩ­වැ­ඩියා ශාඛ­යක් මල් පිපෙන තත්ත්ව­යට පරි­තන වීම සඳහා වසර 8ත් 15ත් අතර කාල­යක් ගත වන බවයි.

මෙම ශාඛයේ මල් වාර්ෂි­කව හට නොගන්නා බවත් වසර හත­ර­කට පමණ පසුව මල් හට­ගැ­නීම සිදු වන බවත් සඳ­හන් වෙයි. උද්භිද උද්‍යා­නයේ උඩ­වැ­ඩියා අංශය තව­දු­ර­ටත් සඳ­හන් කරන්නේ කෙසේ නමුත් ඒ සඳහා පාරි­ස­රික සහ දේශ­ගු­ණික තත්ත්යන්ද බල­පාන බවයි 

අයහපත් කාලගුණය නිසා මෙම ප්‍රදේශයේ පාසල් වැසීම ගැන හදිසි තීරණයක් - බලය විදුහල්පතිවරුන්ට පවරයි

අයහපත් කාලගුණය නිසා මෙම ප්‍රදේශයේ පාසල් වැසීම ගැන හදිසි තීරණයක් - බලය විදුහල්පතිවරුන්ට පවරයි

Gallery