සරසවි සිසුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට.
රුහුණු විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු අද(21) කඹුරුපිටිය පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලක හා සිසුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුන් විසින් නේවාසිකාගාර පාලකවරයාට පසුගිය මස 26 වනදා රාත්‍රියේ පහරදීමක් සිදුකර ඇත.
එම පහරදීමට මෙම සිසුන් දෙදෙනා සම්බන්ධ බවට පොලිසිය විසින් කළ පරීක්ෂණ වලින් හඳුනාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙක් වන අතර ඔවූන් අද කොටවිල මහෙස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
