මුදල් නීති උල්ලංඝනය කළ පුද්ගලික බැංකු දෙකකට මහ බැංකුවෙන් දඬුවම්

Report

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු දෙකක් මුදල් පනතේ රීති හා රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ලක්ෂ 30ක දඩයක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඇමරිකාවෙන් මාස 6ක බදු සහනයක් ඉල්ලීමට සූදානම්

ශ්‍රී ලංකාව, ඇමරිකාවෙන් මාස 6ක බදු සහනයක් ඉල්ලීමට සූදානම්

මෙම බැංකුවලට දඩ පනවා ඇත්තේ එක් බැංකුවකට රුපියල් ලක්ෂ 20ක් සහ අනෙක් බැංකුවකට රුපියල් ලක්ෂ 10ක් ලෙසයි. එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ එහි යටතේ නිකුත් කර ඇති රීති, රෙගුලාසි, සහ නියෝග පිළිපදින්නේ නැතිව කටයුතු කිරීම මෙම දඩ පැනවීමට හේතුවයි.

ගම්මන්පිලට පිල්ලෙයාන් හමුවීමට අවසර

ගම්මන්පිලට පිල්ලෙයාන් හමුවීමට අවසර