අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්...

Report

ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ දි වන අලි මිනිස් ගැටුම පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සඳහා වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි .

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා තාවකාලිකව "කෘෂි විදුලි වැට" හා "ගම්මාන විදුලි වැට" ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්... | Two Projects To Control Elephant Human Conflict

මෙහිදී වන අලි මිනිස් ගැටුම බහුල ව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීමට ඉදිකර පවත්වාගෙන යන අලි වැටට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක් තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යමණ්ඩල බල ප්‍රදේශවල නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙළන කාලය දක්වා පමණක් අඳාළ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට ඉදි කරන ලද තාවකාලික කෘෂි විදුලි වැට (Agro fence) ඉදි කිරීමට අවධානය යොමු කෙරිණි .

එමෙන්ම, විවිධ සංස්කෘතික කටයුතු හා වෙනුවෙන් අලි ඇතුන් යොදා ගැනීමේදී හීලෑ අලි ඇතුන්ය සංචිතයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්... | Two Projects To Control Elephant Human Conflict

එමෙන්ම, වන අලි මිනිස් ගැටුම බහුල ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මාන වටා ඉදිකරන ලද විදුලි වැට (Village Fence) ඉදි කිරීමට ද අවධානය යොමු කෙරිණි .

කෘෂි විදුලි වැට ගොවිතැන් කටයුතු ආරම්භ කරන මොහොතේ අස්වැන්න නෙළීමෙන් පසු ඉවත් කිරීමට අඳාළ ගොවීන් කටයුතු කළ යුතු අතර එම විදුලි වැට නඩත්තු කිරීම සහ භාරකාරත්වය සම්බන්ධයෙන් වන වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීමට ද තීරණය කර ඇති අතර, ගම්මාන විදුලි වැට නඩත්තු කර පවත්වාගෙන යාම අඳාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට ද තීරණය කෙරිණි .

කර්මාන්තශාලා වලටත් වඩා සුපිරියට බල්බ් හදන එප්පාවල හපනා ...

කර්මාන්තශාලා වලටත් වඩා සුපිරියට බල්බ් හදන එප්පාවල හපනා ...

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට භාර දෙන ලෙසද මෙහිදී සාගල රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීන් හා වන අලි මිනිස් පාලනය කිරීමේ කමිටු සාමාජිකයින් වන ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Gallery