දේශපාලඥයෙකුගේ නිවසක් ගිනිතියලා - පුංචි දැරියක් මරුට [PHOTO]

Report

බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට එහිදී බෙලාල් හුසේන්ගේ හත් හැවිරිදි ගැහැණු දරුවා මියගොස්, ඔහු සහ ඔහුගේ අනෙක් ගැහැණු දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වෙළදසැලක දරුණු ගින්නක් - පාරත් වහයි

වෙළදසැලක දරුණු ගින්නක් - පාරත් වහයි

නිවැසියන් රාත්‍රී ආහාරය ගෙන නින්දට ගිය පසු අද (21) අලුයම 2ට පමන නිවසේ දොරවල් පිටතින් අඟුළු දමා පෙට්‍රල් වත් කර නිවසට ගිනි තබා ඇති අතර නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත.

ගින්නෙන් අයේෂා අක්ටර් නම් 7 හැවිදි කුඩා ගැහැණු දරුවා මියගිය අතර ගින්නෙන් තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි බෙලාල් හොසේන් සහ ඔහුගේ දියණියන් වන 17 හැවිරිදි බීති අක්ටර් සහ 14 හැවිරිදි ස්මෘති අක්ටර් යන තිදෙනායි.

ජීවිතේ පරදුවට තියලා සහන දෙන්න එන නිලධාරීන්

ජීවිතේ පරදුවට තියලා සහන දෙන්න එන නිලධාරීන්

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට දියණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා එරට ජාතික බෙලාල් ලක්ෂ්මිපූර් පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔවුන් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බවයි.  

Gallery