නියදගල සුසාන භූමිය මහ රෑ නොසන්සුන් වෙයි - බිළිඳෙකුගේ සොහොනක් හාරලා කරන්න ගිය දේ - අත්අඩංගුවට

Report

තම පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීමට බව සඳහන් කර හෝමාගම නියදගල සුසාන භූමියට ඇතුළු වී මාස තුනක පමණ බිළිදෙකුගේ දේහයක් භූමදානය කර තිබූ වලක් හාරා බිළිදා පැළද තිබූ රන් ආභරණ සොරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම සැකකරු ඊයේ (11) දින සවස ආදාහනාගාර ක්‍රියාකරු හමුවී කියා ඇත්තේ තම පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීමට ඇතුළු වීමට අවසර දෙන ලෙසයි.

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට

එසේ වුවත් ඔහු සුසාන භූමියෙන් පිටව යන අයුරු ආදාහනාගාර ක්‍රියාකරුට නිරීක්ෂණය නොවීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බැලීමේදී සුසාන භූමියේ දේහයක් භූමදානය කර තිබූ වලක් හාරා දේහයක් ගොඩට ගැනීමට උත්සාහ කර ඇති අයුරු දැක ඇත.

එබැවින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආදාහනාගාරය භාර ක්‍රියාකරු හෝමාගම ප්‍රාදේශීය සභාවේ බලධාරීන් දැනුවත් කොට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇත.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්‍ෂා කර බැලීමේදී මීට සති දෙකකට පමණ ඉහතදී භූම දානය කර තිබූ මාස තුනක් පමණ වයසැති බිළිදෙකුගේ වලක් මෙසේ හාර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ළමුන් 1,100ක් ජීවිතක්ෂයට හෝ තුවාල - බිහිසුණු අනාවරණයක් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියෙන්

ළමුන් 1,100ක් ජීවිතක්ෂයට හෝ තුවාල - බිහිසුණු අනාවරණයක් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියෙන්