ඉරාකයේ අර්බිල්හි ඉතාලි හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක්

Report

ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ අර්බිල් නගරයේ පිහිටි ඉතාලි හමුදා කඳවුරකට ඊයේ (11) රාත්‍රියේ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හෝ ශරීර හානියක් සිදු නොවූ බව ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශයේ X ගිණුමේ සඳහන් කර ඇත්තේ, “මිසයිලයක් අපගේ අර්බිල් කඳවුරට පතිත වුණා.

ඉතාලි හමුදා සාමාජිකයන් අතර කිසිදු ජීවිත හෝ ශරීර හානියක් සිදුවී නැහැ. ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතයි” යනුවෙනි.

ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අමාත්‍ය ගුවයිඩෝ ක්‍රොසෙටෝ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ඇන්ටෝනියෝ තජානි ප්‍රකාශ කළේ, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී භට පිරිස් බංකරයකට ගොස් ආරක්ෂිතව සිටි බැවින් ඔවුන් සියලු දෙනාම “නිරුපද්‍රිතව සහ ආරක්ෂිතව” සිටින බවයි.

ඉතාලිය දැනට අර්බිල්හි සොල්දාදුවන් 300ක පමණ ප්‍රමාණයක් රඳවා සිටින අතර, ඔවුන් කුර්දි ආරක්ෂක බලකායන් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටිති.

මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති අතර, ප්‍රහාරයේ පසුබිම හා එහි බලපෑම් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.

ටෙහෙරානයේ ජනතාවට විෂ වායු තර්ජනයක්

ටෙහෙරානයේ ජනතාවට විෂ වායු තර්ජනයක්

මෙන්න මේ අයට අලුතින් බස් රථ සේවාවක් - අපහසුතාවයට පත්වුණ කාලෙ ඉවරයි

මෙන්න මේ අයට අලුතින් බස් රථ සේවාවක් - අපහසුතාවයට පත්වුණ කාලෙ ඉවරයි