මත් ලෝලීන්ට සල්ලි නැතුවම බොන්න දෙයි - අරක්කු ණයට දෙන ක්‍රමයක්

Report

වතු ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සමහර බාර් හිමියන් වතු කම්කරුවන්ට ණය ක්‍රමයට අරක්කු ලබා දීම තුළින් වතුකරයේ පවුල් අතර විවිධ ආරවුල් ඇති වෙමින් පවතින බවට සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා ප්‍රකාශ කරයි.

හැටන්හි පිහිටි සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ කාර්යාලයේදි ඊයේ(11) දින මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ ඔහු එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

"මේ වන විට වතුකරය ආශ්‍රිතව මත් පැන් හල් (බාර්) වැඩි වශයෙන් පවතිනවා මේ වතුකරය ආශ්‍රිතව පවත්වාගෙන යන සමහර බාර් හිමියන් වතුවල සේවය කරන කම්කරුවන්ට ණය ක්‍රමය යටතේ අරක්කු ලබා දිමට පියවර ගෙන තිබිම මත වතු කම්කරුවන් වැඩි වශයෙන් අරක්කු පානයට යොමු වෙලා ඉන්නේ. මොකද මේ ණය ක්‍රමය නැතිනම් අතේ සල්ලි තිබුනොත් තමයි අරක්කු බොන්නේ එත් මේ ණය ක්‍රමයට අරක්කු ලබා දිමෙන් අතේ සල්ලි නැති වුනත් අරක්කු බොන්න පුලුවන් නිසා වැඩි පුරත් බොනවා. මෙම තත්වයන් මත බොහෝ වතු කම්කරුවන් ගන්න වැටුප අරක්කු ණය සදහා යාම තුළින් එම අයගේ පවුල්වල විවිධ ආරවුල් ගැටුම් කාරි තත්ත්වයන් බහුල වන්නා සේම වතු කම්කරු කාන්තාවන්ට තම නිවෙස්වල වැඩි බරක් යෙදවිමටත් සිදු වෙනවා. සමහර වතු කම්කරු කාන්තාවන් අපිට කියන දෙයක් තමන් තම සැමියන් මෙම ණය ක්‍රමයට අරක්කු ලබා දිම නිසා අරක්කු පානයට දැඩි ලෙස ඇබ්බැහි වෙලා තියෙන බවත් ඒ සදහා විශාල මුදලක් වැය කරන බවත්.

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

එම තත්ත්වයන් මත තමන් ලබා ගන්නා වැටුපෙන් නිවසේ වැඩි වියදමක් තමන්ට කරන්න සිදු විමෙන් තමන්ද දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව එමෙන්ම මෙසේ ණය ක්‍රමයට අරක්කු ලබා දිම තුළින් තම දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා අවශ්‍ය පහසුකම් ලබා දිමට නොහැකි විමෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතර මග නතරවිමේ අවදානමක් පවතින බව. මෙම තත්වයන් දෙස බලන විට අපිට පෙනි යන්නේ මෙසේ ණය ක්‍රමයට අරක්කු ලබා දිම තුළින් අරක්කු පානය කරන වතු කම්කරුවන්ගේ ජිවිත විනාශ වන්නාසේම එම පවුල් අතරද විවිධ ආරවුල් ඇති වනවා වගේම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමෙන් වතුකරයේ අනාගත පරපුරද විනාශ විමේ අවදානමක් පවතින බවයි."

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට