සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරට ලක් වී 27ක් අතුරුදන්..

By krishani Apr 09, 2023 02:42 AM GMT
Report

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලී අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අප්‍රිකානුවන් 73 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

කෙසේවෙතත්, ටියුනීසියානු වෙරළ ආරක්ෂකයන් විසින් 46 දෙනෙකු බේරාගෙන ඇත.

අධික දරිද්‍රතාව සහ ගැටුම් හේතුවෙන් මැදපෙරදිග සහ අප්‍රිකානු වැසියන් නීතිවිරෝධීව ඉතාලියට ඇතුලුවීමට භාවිත කරන මාර්ගයක් ලෙස ටියුනීසියානු මුහුදු තීරය හැඳින් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join