කතරගම පුජා නගරයේ වෙළඳසැල් 32කට නඩු

Report

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇති බවයි.

ඒ, මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලදීයී.

ඒ සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබුණි. එහිදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කළ බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බවය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න