මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

Sri Lanka Fisherman Latest Headlines Ramalingam Chandrasekar Sinhala news NPP Government
By Shehan Jun 29, 2025 09:11 AM GMT
Shehan

Shehan

Report

ධීවර කර්මාන්තයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරු වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් විශේෂ කමිටුවක් පත් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත දැනුම් දී ඇත.

ලංකාව ඉන්දියාවෙන් ඉල්ලන් කයි වගේ - බේරෙනවා බොරු

ලංකාව ඉන්දියාවෙන් ඉල්ලන් කයි වගේ - බේරෙනවා බොරු

මෙම කමිටුව පත් කිරීමේ මූලික අරමුණ වන්නේ ධීවර කර්මාන්තයේදී සිදුවන අනතුරු අවම කිරීම සහ ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඵලදායී යෝජනා සහ විසඳුම් ඉදිරිපත් කිරීමයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරියේදී මෙවැනි අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා කඩිනමින් හා ඵලදායී ලෙස ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදුන් උපදෙස්වලට අනුව, මෙම කමිටුව ධීවරයින්ට ආරක්ෂිතව තම වෘත්තියේ නිරත වීමට අවශ්‍ය තාක්ෂණික, පරිපාලනමය සහ නීතිමය යෝජනා සම්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය තවදුරටත් කටයුතු කරනු ඇත.

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

ReeCha