සහල් රටින් ගේන්නේ සංචාරක හෝටල්වලට - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
Sri Lanka Politician
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Hashini
කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බවයි.
“කීරි සම්බා ගත්තාම විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. නාඩු සහ සම්බා සහල්වල නම් ප්‍රශ්නයක් නැහැ. කීරි සම්බා සහල්වල යම්කිසි ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන, හෝටල් කර්මාන්තය ඉලක්ක කරගත්තාම එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඒ තත්ත්වයන් තුළ කොහොමත් අපි හෝටල්වලට අදාළ සහල් යම් ප්‍රමාණයක් හැමදාම හැම විටම රටට ආනයනය කිරීමක් කරලා තියෙනවා.”
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
