ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

Anura Kumara Dissanayaka Super Singer Disease Sinhala news
By Mithu Jun 29, 2025 10:07 AM GMT
Mithu

Mithu

Report

මොහිදින් බෙක්ගේ ආදරණීය පුත්‍රයා වන ඉෂාක් බෙග් පසුගියදා අසනීප තත්ත්වයෙන් පසුවන බවට ආරංචි විය. ඔහුගේ සැත්කම කිරීම සඳහා ඇසළ පෝය වන විට කෝටියක මුදලක් අවශ්‍ය බව සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. ඒ අනුව ගායන ලොවේ බොහෝ තරු එවගේම ඔහුට ආදරේ කරපු ආදරණීය ප්‍රේක්ෂකයන් ඇතුළු කලාකරුවන් රැසක් ඉෂාක් වෙනුවෙන් එකතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවන විට ඔහුට සැත්කම සඳහා අවශ්‍ය මුදල සම්පූර්ණ වී ඇත.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

ජනපති අනුර කුමාර දිසානායක මහතාත් ඔහු වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක් දක්වා තිබීම තවත් විශේෂත්වයක්. එම සිදුවීම සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ වූ සටහනක් පහතින් දක්වාඇත.

“ඉශාක්ට කෝටියක්.. අපි ඒක කලා.. ඉෂාක් බෙග් වනුවෙන් අරමුදලට කෝටියක් එකතු කරන්න පටන්ගෙන දවස් 4ක් යද්දී කෝටිය සම්පුර්ණ වුණා. ජනාධිපතිතුමත් කතා කරලා කිව්වා ඉෂාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක චෙක්පත ලෑස්ති අරගෙන යන්න කියලා. මුතුගල සර් ඊයේ දාපු මිලියනයත් එක්ක මේ වෙනකොට සම්පුර්ණ මුදල එක්කෝට් පාහලොස් ලක්ෂය පහු කරා. අපි අදින් පස්සේ අපි කාගෙන්වත් ඉල්ලීම් කරන්නේ නෑ කාටවත් සල්ලි දාන්න කියලා. කැමති කට්ටියට පුළුවන් ඕනෙනම් සල්ලි දාන්න. එන ඇසල පොහෝ දිනයට අපි මේ එකතු වෙන සියලු ඉෂාක් බෙග් වෙනුවෙන් අපි දෙනවා. “

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

ReeCha