අනියම් පෙමක් දුරදිග ගිහින් දෙදෙනෙක් රෝහලේ

Report

අනියම් පෙමක් දුරදිග ගිහින් දෙදෙනෙක් රෝහලේ තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය සදහන් කර තිබේ.

  පොලිසිය සදහන් කළේ සැකකාර කාන්තාවගේ සැමියා තවත් කාන්තාවක සමග පාදුක්ක දේවාල පාර නිවසක සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගොස් තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇති බවයි .

ඉන් පසුව පසුව තුවාලකරුවන් දෙදෙනා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

තවද සැකකාර කාන්තාව අදාල තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇති බව එම පොලිසියේ උසස් නිළදාරියෙක් සදහන් කර ඇත