ඇමති විජිතගෙන් ලොක්කෙක්ට දුරකථන ඇමතුමක්

Report

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො මහතා අතර ඊයේ (23) දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

මෙම සංවාදය පැවැත්වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් දැනුම් දී ඇතත්, නමුත් එහිදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.

මෑත කාලීනව වෙනිසුලාවේ තුළ උද්ගතව ඇති දේශපාලන හා ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරට පිළිබඳ ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් ඇති පසුබිමක මෙම දුරකථන සංවාදය පැවැත්වීම විශේෂත්වයක් ලෙස සැලකේ.

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ

මෙම පසුබිම තුළ, වෙනිසුලාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බව පසුගිය ජනවාරි 05 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණි.

එම නිවේදනයෙන්, එරට සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව අවධාරණය කර ඇති බවද එහිදී අවධානයට ලක් කර ඇත.

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි