රටටම සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්
By Kanchana
2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.
එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී තිබේ.
එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බව අධිකාරිය සදහන් කර තිබේ මේ දින 22 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන බව වාර්තා වී ඇත.
එම සංඛ්‍යාව 35,177 කි ඊට අමතරව, රුසියාවෙන් 19,930 දෙනකු, එක්සත් රාජධානියෙන් 19,893 දෙනකු සහ ජර්මනියෙන් 12,822 දෙනකු මෙරටට පැමිණි බවද වාර්තා වේ .