කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේ 16 හැවිරිදි ගැහැණු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකට අනුව, අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි කෙනෙකි.
ඔහු යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙක් බවත් පොලීසිය සඳහන් කරයි. වෙඩි තැබීම සඳහා ඔහු භාවිතා කළ රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසල සිදු වූ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඔහු වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙස කටයුතු කළ බවද පොලීසිය පවසයි.
මූලික විමර්ශනවලදී මෙම වෙඩි තැබීම විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු අද (24) ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.