තම ලෙයින් ජනිත වූ දියණියන්ට තාත්තලා දෙන්නෙක් කළ නොහොබිනා වැඩේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.
ඒ අදාළ සැකකරුවන් පරසන්ගස්වැව සහ වටවල පොලිස් ස්ථාන වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දාහතර හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ හතළිස් හැවිරිදි පුද්ගලයෙක් ය.
පොලිසිය සඳහන් කළේ ඔහු රොසැල්ල වූඩ්ස්ටොක් වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි.
එමෙන්ම රඹෑව සදමල්ගම ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයා නව හැවිරිදි සිය දියණිය අපයෝජනය කිරීමේ චෝදනාවට පරසන්ගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

මහේස්ත්‍රාත්වරියකට ලේසරයක් ඇල්ලූ උපකාරක පන්ති ගුරුවරයාට වැඩ වැරදෙයි - දෙමාපියන් ඔහු ගැන කීව අමුතු කතාව..
