අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Report

එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ එම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

  එරට පොලීසිය සදහන් කරන්නේ වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවයි.

ඒ වගේම මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.

තවද කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ වගේම ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය සදහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කාම්බෝජ - තායිලන්ත දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී හරස් මාර්ග වසා දමයි

කාම්බෝජ - තායිලන්ත දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී හරස් මාර්ග වසා දමයි

මෙම සැකකරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බව සදහන් වේ.

තවද අමෙරිකානු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධව තමන්ට වාර්තා වූ බවත් මේ වන විට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු වී ඇති බවයි.

අද දිනයේත් මේ පළාත් වලට වැසි

අද දිනයේත් මේ පළාත් වලට වැසි