මාළු විකුණන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 22, 2024 06:15 PM GMT
Report

මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

යුක්තියේ මෙහෙයුමේ රාජකාරී කළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට...

යුක්තියේ මෙහෙයුමේ රාජකාරී කළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට...

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මාළු වෙළඳාමේ නිරත අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා ලොරියේ රියදුරු බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝ 10 ගෑම් 500 ක් , ගංජා ප්‍රවාහනයට යොදා ගන්නා ලද අධිශීතකරණ සහිත ලොරිය, ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබේ.

සංචාරක බෝට්ටු දෙකක් එකිනෙක ගැටී දෙදෙනෙක් අතුරුදන්...

සංචාරක බෝට්ටු දෙකක් එකිනෙක ගැටී දෙදෙනෙක් අතුරුදන්...

සැකකරුවන් මුලතිව් සහ මන්නාරමෙන් ප්‍රවාහනය කරන ලද මාළු පෑලියගොඩට ගොඩ බෑමෙන් අනතුරුව රැගෙන එන ලද ගංජා මත්ද්‍රව්‍ය මෝදර ප්‍රදේශයට මේ ආකාරයෙන් රැගෙන එන බවට අනාවරණය වී ඇත.