සංචාරක බෝට්ටු දෙකක් එකිනෙක ගැටී දෙදෙනෙක් අතුරුදන්...
By Parami Dissanayake
බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.
අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන්කල බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බළප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවට දැනගන්නට ලැබී ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය අදහස් දක්වා ඇත්තේ, බෙන්තර සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදුව ඇති බවත්, රාත්‍රි නිසා අනන්‍යතාවය හදුනාගෙන නොමැති බවත් ය.