කැනඩා රැකියා සිහින පෙන් වූ දෙදෙනෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Jul 15, 2024 02:53 PM GMT
Report

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක් විසින් කැනඩාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇති අතර, ඒ අනුව, විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කර තිබේ.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

එම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් බව එහිදී අනාවරණය වී ඇත.

ඒ අනුව, අදාළ ආයතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනපතිට පොහොට්ටුවෙන් සති 02ක කාලයක්...

ජනපතිට පොහොට්ටුවෙන් සති 02ක කාලයක්...


අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.