මුහුදු රළ ගොඩට පැමිණීම නිසා ප්‍රධාන මාර්ගයක් වසා දමයි..(VIDEO / PHOTOS)

Tsunami Galle Sri Lanka
By Sewvandhi Jul 02, 2022 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාර අම්බලන්ගොඩ මාදම්පේ උස්මුදලාව හංදිය සිට දෙහිවල දක්වා වූ වසා දමා ඇත. 

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. දෙහිවල අම්බලන්ගොඩ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණ වීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා වී තිබේ.

පවතින දැඩි සුළං තත්ත්වය සහ මුහුදේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු රළ ගොඩට පැමිණ තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery