සුනාමි තත්ත්වයක්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි..(VIDEO)

Tsunami Sri Lanka
By Sithumi Jul 02, 2022 02:07 PM GMT
Sithumi

Sithumi

Report

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු ඇඟවීමක් කර තිබෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්වි ට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා වූ ස්වභාවයක් ගනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. තව ද ඉහත දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් හෝ 3.5ක් පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ වන විට ප්‍රදේශ රැසකින් මුහුද ගොඩ ගැලීම් වාර්තා වනවා. පහතින් දැක්වෙන්නේ එවැනි වීඩියෝවක්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now