ට‍්‍රම්ප්ගේ බදු නිසා අපට අමාරු කාලයක් එයි.. පොඩ්ඩක් ඉවසන්න - අනිල් ජයන්ත
අප්‍රේල් මාසයේ සිට බලාත්මක වීමට යෙදුනු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම්, රබර්, පොල් සහ ප්ලාස්ටික් අපනයනයන්ට බලපෑම් සිදුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය තීරුබදු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
“ට්රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තියේ අහිතකර බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාව මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇත. වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමරිකානු බලධාරීන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ හොඳ ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වන අතර, අපි බලාපොරොත්තු වෙන්නේ ඵලදායී සහයෝගීතාවයක් ගොඩනඟා ගන්නයි,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
ට්රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තියේ අයහපත් බලපෑම් අවම කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම, මේවන විට ට්‍රම්ප් ජනාධිපතිවරයා හරහා ලෝකයට නිරාවරනය කරමින් තිබෙන වානිජවාදී (mercantilist) ලිබරල් නොවන (illiberal) නව ලෝක පැරඩයිමය හේතුවෙන් ලංකාවේ අනාගත ආර්ථික ස්ථායීතාවය පිලිබදව නැවත නැවතත් අවධානමට ලක්වීමට ඉඩ කඩක් පවතින්නේ යයි පුර්වේක්ෂනය කල හැකිව තිබේ.
වානිජවාදය 15 ශතවර්ශයේ පමන සිට ලෝකය පුරා ව්‍යාප්තවි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩනගන ලද බෙටන්වුඩ් එකගතා මත ගොඩනැගුනු ගොලීය ලිබරල් ආර්ථික පර්යාය මගින් අවසන්වු දර්ශනයක් වන්නේය.
අද අපට මතුපිටින් පෙනෙන කැනඩාව, මෙක්සිකෝව, යුරෝපය හා චීනය අරබයා පැනවෙන අධික තීරු බදු මෙම නව අමරිකානු වානිජවාදයේ ප්‍රතිපලයක් ලෙස දැක්විය හැකිව තිබේ.
වර්ථහාන අමරිකාවට අනුව රතු, කහ සහ කොල පාටින් සලකුනු කොට ඇති තමන් විසින් අනාගතයේදී ගනුදෙනු කිරීමට නියමිත රාජ්‍යයන් හදුනාගෙන තිබේ. අමරිකාව අනාගතයේදී ගනුදෙනු කරනු ඇත්තේ කොල රාජ්‍ය සමග පමනකි. රතු රාජ්‍යයන් මිලිටරිමය හා දේශපාලනික ලෙස විනාශ කරනු ඇත්තේය.
කොල පාට රාජ්‍ය වන්නේ ලිබරල් රාජ්‍ය නොව ආර්ථිකමය හා මිලිටරිමය ලෙස බලගතු රාජ්‍යයන් වන්නාසේම අමරිකාවට වෙලද වටිනාකමක් ඇති රාජ්‍යයන්ද වන්නේය.
එම නිසා නිදහස් ලෝකය ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදී ලෝකය වැනි සංකල්ප තවදුරටත් අමරිකාවට අදාල වන්නේ නැත.
එකී පසුබිම තුල අප පලමුව වානිජවාදය යනු කුමක්දැයි දැන හදුනාගත යුතුව තිබේ.
අතීත වානිජවාදයේ සංකාල්පික පදනම වුයේ රාජ්‍ය බලය (දේශපාලන හා මිලිටරි බලය) මත පදනම්ව අදාල රාජ්‍යයේ ස්වයං පැවැත්ම උදෙසා එම රාජ්‍යයේ විදේශ වෙලදාම ඉහල නංවමින් අපනයන ආදායම වැඩි කරගන්නා අතරේම රට තුලට කෙරෙන ආනයනයන් අධෛර්යමත් කිරීමයි.
එහෙම තියද්දි ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් බිලිලියන 2.79 උපයාගන්නේ අමරිකාවට කෙරෙන අපනයනය තුලිනි.
ඒ අතරින් ඩොලර් බිලියන 2.43 ක් ලැබෙන්නේ අමරිකාවට කෙරෙන ඇගලුම් අපනයනයන් හරහාය.
ඇගලුම් අපනයනයේදී අමරිකාව විසින් අප රටට GSP සහහනයන්ද ලබා දී තිබේ.
ඒ අනුව බලන කල අමර්කානු ලංකා වෙලද ශේෂයේ අවාසියක් ද අමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අධි ශක්තිමත් බවක්ද පෙන්වන්නේය.
එසේ නම් මොරලාගෝ එකගතාවයට අනුව ලංකාවේ අපනයන් සදහා GSP සහන ඉවත් කල යුතුව තිබේ.
ඒ හැරෙන්නට ඇගලුම් යනු අමර්කාවේ දේශීයව නිශ්පාදනය කල හැකි භාන්ඩයක් නිසා අතිර්ඛ තීරු බද්දක් පැනවීමේ අවධානමක් ද පවතී.
එසේ වන්නේ නම් අපගේ ඩෝලර් බිලියන 12 ක් වන මුලු අපනයන ආදායමෙන් ආසන්න වශයෙන් 1/3 ප්‍රමානයක් අහිමිවීමේ අවධානමක් මතුව පවතින්නේය.
එවැනි පසුබිමක 2028 දී නැවත නය ගෙවන්නට වන්නේ කෙසේද යන්න ගැන බරපතලව සිතා බලන්නට කාලය පැමින තිබේ.
