මදුරු කීටයන් සහිත පරිශ්‍රයන් පවත්වාගෙන ගිය 19කට වැඩ වරදී
By Kanchana
මෙරට පවතින අධික ඩෙංගු අවධානම නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ නිවාස හා රාජ්‍ය ආයතන 300ක පමණ අද පරීක්ෂා කර ඇත එහිදී මදුරු කීටයන් සහිත පරිශ්‍රයන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 19කට නීතිය ක්‍රියාත්මක කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබේ එමෙන්ම අපිරිසිදු මදුරුවන් බෝවිය හැකි ස්ථාන, පරිශ්‍ර නිවාස 30කට අවසන් රතු නිවේදන නිකුත් කළ බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි. අතුරලිය හා තිබ්බටුවාව නගාරාසන්න ජන ඝණත්වය වැඩි කලාපයේ රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තාවී තිබේ එවන් පසුබිමක අකුරැස්ස අතුරලිය නගරවල ජනාකීර්ණ අවස්ථාවල දුමායනය කිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කළ බව වැඩිදුරටත් සඳහන්ය.