මාස 9කට පසු පෘථිවියට පැමිණි ගගනගාමී දෙපල

By Dilasha Mar 19, 2025 01:44 AM GMT
Report

පසුගිය වසරේ ජුනි මාසයේ ගවේශණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයක් බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බව් විල්මෝස් මාස 9ට පසු පෘථිවියට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම ගගනගාමීන් දෙදෙනා දින 8ක කාල සීමාවක් සඳහා පසුගිය වසරේ ජුනි මාසයේ අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයින් යානයේ හීලියම් ද්‍රාවණ කාන්දුවක් ඇතුළු ගැටළු රැසක් හේතුවෙන් ඔවුන්ට නැවත පෘථිවියට පැමිණීමට නොහැකිව ඇති බව සඳහන් කරයි