විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 2026 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව නිල දැනුම්දීමක්
2026 වසරට අදාළ 05 ශ්‍රේණියේ දක්ෂ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන ජාතික ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිකුත් කර ඇති නිල විභාග කාලසටහනට අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට පෙරවරු 10.45 දක්වා පැවැත්වෙනු ඇත.
ඉන් අනතුරුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 11.15 සිට මධ්‍යහ්න 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිල වශයෙන් සඳහන් කළේය.