ට්‍රම්ප් හා නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක්

Report

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

ලෝකයේම අවධානය දිනාගත් අවස්තාවක් ලෙස නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම හදුන්වන්නට  හැකිය.

නමුත් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ කාරණයක් වනුයේ ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් වේ.

 නිව්යෝර්ක් නගරාධිපති ධුරයට මම්දානි සොහ්රාන් පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් හමුවිය.

එම හමු  වීම සිදු වූයේ ධවල මන්දිරයේ දීය.

එක්සත් රාජධානියට දරාගත නොහැකි තරමේ අධික සීතලක්

එක්සත් රාජධානියට දරාගත නොහැකි තරමේ අධික සීතලක්

ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිතර විවේචනාත්මක අදහස් හුවමාරුවීම් සිදුවුවත් ඒවා පසෙකලා දෙදෙනා අතර සුහදශීලි කතාබහක් සිදු වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ වගේම ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි නගරාධිපති ලෙස ජනතාව පත් කර ගැනීමට හේතුව වනුයේ ජනතාව දැරිය නොහැකි ජිවන වියදම හා උද්ධමනය හේතුවෙන් පාලක පක්ෂය කෙරෙහි දැඩි කළකිරීමට ලක්ව සිටීමයි.

කෙසේ වුවත් නිව්යෝර්ක් නගරාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්ව ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන බවයි. 

මාර්ගයට පස් කදු කඩා වැටේ - මේ පාරවල් වහනවා

මාර්ගයට පස් කදු කඩා වැටේ - මේ පාරවල් වහනවා

හැමෝම හොයපු අද රන් මිල - ගත්තේ නැත්තම් ඉක්මනට ගන්න

හැමෝම හොයපු අද රන් මිල - ගත්තේ නැත්තම් ඉක්මනට ගන්න