මැදපෙරදිග මහා යුද්ධය ඇවිලේ - ඉරානයෙන් රටවල් දෙකකට මිසයිල වැස්සක්

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර ස්ථිර සටන් විරාමයක් සඳහා පැවැත්වෙන සාකච්ඡා තවමත් අවසන් වී නොමැති අතර, දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය තවදුරටත් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉරානය සාකච්ඡා අත්හිටුවා ඇති බව ප්‍රකාශ කළද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

මෙවැනි පසුබිමක් තුළ, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි කෙෂ්ම් දූපත හි (Qeshm Island)ඉරාන හමුදා පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කර එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකානු CENTCOM නිවේදනය කර ඇත.

ට්‍රම්ප්ගේ බදු සෙල්ලම පැරදුණාට පසු ඇමෙරිකාවෙන් ආපු අලුත්ම සූදුව - ලංකාව ඇතුළු රටවල් 60ක් අනතුරේ

ට්‍රම්ප්ගේ බදු සෙල්ලම පැරදුණාට පසු ඇමෙරිකාවෙන් ආපු අලුත්ම සූදුව - ලංකාව ඇතුළු රටවල් 60ක් අනතුරේ

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කුවේටය සහ බහරේනය දෙසට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම ප්‍රහාර සියල්ලම අසාර්ථක වූ බව ඇමෙරිකානු හමුදා පවසයි.

වාර්තා අනුව කුවේටය වෙත මිසයිල දෙකක් සහ බහරේනය වෙත මිසයිල තුනක් එල්ල කර ඇති අතර, ඒවා ඇමෙරිකානු සහ බහරේන් ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කර ඇත. එමෙන්ම ඉරානයෙන් නිකුත් කළ ඩ්‍රෝන යානා තුනක්ද වෙඩි තබා බිම හෙළූ බව සඳහන් වේ.

ඇමරිකාවේ රතු එළි නොතකා ඉරානය බලා ගිය තෙල් නැවකට දරුණු මිසයිල ප්‍රහාරයක්

ඇමරිකාවේ රතු එළි නොතකා ඉරානය බලා ගිය තෙල් නැවකට දරුණු මිසයිල ප්‍රහාරයක්

මේ අතර, ඉරානයේ නිල ප්‍රවෘත්ති ආයතනය වන ඉස්ලාමීය ජනරජ පුවත් ඒජන්සිය (Islamic Republic News Agency) වාර්තා කර ඇත්තේ තමන් ඇමෙරිකානු හමුදා ස්ථාපන කිහිපයකට සාර්ථක ප්‍රහාර එල්ල කළ බවයි. එහෙත් එක්සත් ජනපදය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඉරානයේ සියලු ප්‍රහාර ව්‍යර්ථ වූ බවත් ඇමෙරිකානු හමුදා ස්ථානවලට කිසිදු හානියක් සිදු නොවූ බවත්ය.

මෙම ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක අවදානම් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළ සහ බොරතෙල් මිල ගණන් කෙරෙහිද බලපෑම් එල්ල වී තිබේ.

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්