ඇමරිකාවේ රතු එළි නොතකා ඉරානය බලා ගිය තෙල් නැවකට දරුණු මිසයිල ප්‍රහාරයක්
ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ඉරානයේ කාර්ග් දූපත දෙසට යාත්‍රා කරමින් තිබූ, පටවා නොගත් තෙල් ටැංකියකට අමෙරිකානු ගුවන් යානයක් මඟින් 'හෙල්ෆයර්' මිසයිල ප්‍රහාරයක් එල්ල කර එය සාර්ථකව අක්‍රිය කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන කාර්යාලය පවසයි.
බොට්ස්වානා ධජය සහිත එම්/ටී ලෙක්සි නැමති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය, පැය 24ක කාලයක් තුළ එක්සත් ජනපද හමුදාවන් විසින් නැවත නැවතත් ලබාදුන් අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිපැදීම සිතාමතාම පැහැර හැරීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
සෙන්කොම් නිවේදනයට අනුව, අදාළ මිසයිල ප්‍රහාරය නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර එල්ල කර ඇති අතර, අඟහරුවාදා දින ටැංකියට ප්‍රහාරය එල්ල වූ එම තීරණාත්මක මොහොත පෙන්වන නිල දර්ශන පෙළක්ද ඔවුන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉරාන වරායන්ට ඇතුළු වන සහ ඉන් පිටවන සියලුම වාණිජ යාත්‍රා අවහිර කිරීමට එක්සත් ජනපද හමුදාව දැඩි තීරණයක් ගෙන තිබූ අතර, මෙම නෞකාවට එරෙහිව ක්‍රියාත්මක වූයේ එම හමුදා අවහිර කිරීමේ පියවරයි.
අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
මෙම විශේෂ හමුදා අවහිර කිරීමේ මෙහෙයුම බලාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු හමුදා උපදෙස් නොසලකා හැරී වාණිජ යාත්‍රා 6ක් මෙලෙස පහර දී අක්‍රිය කර ඇති අතර, තවත් යාත්‍රා 122ක් ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බවද සෙන්කොම් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, තමන් බලා පැමිණි තෙල් නැවට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන රජය මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් හෝ අදහස් දැක්වීමක් ප්‍රසිද්ධියේ සිදු කර නොමැත.