ට්‍රම්ප් චීනයේ සංචාරයකට සැරසෙයි
Donald Trump
United States of America
China
Sinhala news
By Hashini
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපති ෂී ඡින් පින් සමග ඊයේ දුරකතන සංවාදයක නිරත වෙමින් ඔහු මේ බව දැනුම් දී ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි මාසයේදී චීනය සමග වෙළද යුද්ධයක් ආරම්භ කිරීමෙන් පසු දෙරටේ නායකයින් සිදු කළ පළමු සාකච්ඡාව මෙය වනවා.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මෙම දුරකතන සංවාදය ධවල මන්දිරයේ ඉල්ලීම මත සිදු වූ බවයි.
විදෙස් වාර්තා සදහන් කළේ පැය එකහමාරක කාලයක් පැවති සාකච්ඡාවේදී ද්විපාර්ශවික වෙළදාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවයි.
