පැය 24ට යන්න එපා - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්
By Shehan
කල්පිටිය, මන්නාරම හරහා කන්කසන්තුරෙයි දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මෙම දැනුම්දීමේ හේතුව වන්නේ එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ඉහළ යාමයි.
කාලගුණ අනාවැකිවලට අනුව, මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් වේ.
මේ අතර, කල්පිටිය, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරෙයි සිට මුලතිව් හා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.