ලංකාව අවදානමක.. GSP+ සහනයත් අහිමි වෙන ලකුණු
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙමින් සිටින බවත්, එම අභියෝගයන්හි බලපෑම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවසන් සාකච්ඡා පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් වාර්තා වනවා.
මෙම අභියෝගයන් වන්නේ යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය 2027 දී අවසන් වීම සහ අමෙරිකාව විසින් පනවා ඇති යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය 2027 වසරේදී අවසන් වීමට නියමිත අතර, එය මෙරට අපනයන ආර්ථිකයට සෘජුවම බලපානු ලබනවා.
මෙරට ආර්ථිකයට අමෙරිකාව විසින් “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බද්ද ද සැලකිය යුතු අවදානමක් ගෙන දෙන අතර ආරම්භයේදී 44% ක තීරු බද්දක් යෝජනා වී තිබුණද, ශ්‍රී ලංකාවේ හොඳ හිත පදනම් කරගත් සාකච්ඡා හේතුවෙන් එය පසුගිය 12 වැනිදා 30% දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙම තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙනවා.
IMF හි ස්ථාවරය වී ඇත්තේ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මෙරට ආර්ථිකයේ බාහිර අංශයට, විශේෂයෙන්ම වෙළෙඳාමට සැලකිය යුතු අවදානමක් පවතින බවයි.
මෙම අවදානමේ බරපතළකම තීරණය කිරීම සඳහා අමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් වී තීරු බද්ද සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන තෙක් IMF බලා සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම තීරු බද්ද හේතුවෙන් මෙරට වෙළෙඳ කටයුතුවලට, රැකියා අහිමි වීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන්ට බලපෑමක් එල්ල විය හැකි අතර, මෙරටට ලැබිය යුතු ආදායමක් ද අහිමි වී යා හැකි බව වාර්තා වනවා.
අමෙරිකානු තීරු බද්ද මෙරට ආර්ථික පුරෝකථනයන්ට මෙන්ම ඇඟලුම්, තේ, රබර්, පොල් වැනි ප්‍රධාන අපනයන කර්මාන්තයන්ට ද සැලකිය යුතු අවදානමක් එල්ල කරනු ලබන අතර මෙම කර්මාන්තයන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමට ප්‍රධාන දායකත්වයක් සපයනු ලබනවා.
