තවත් රිසානා කෙනෙක් - අවුරුදු 13 සෞදි යවලා දැන් මිනිය යටගහන්න ලක්ෂ 25ක්

Report

සෞදි අරාබියට විදේශ ගෘහ සේවයට යැවූ 13 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැකියා ඒජන්සියට එරෙහිව මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරන්නේ නම්, එය ලිඛිතව සෝදිසි කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නීතිපතිවරයාට නියෝග කළාය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයට මේකයි වෙන්නේ - හරිනි කරන්නේ පවර්පොයින්ට් ප‍්‍රසන්ටේෂන් එකක්

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයට මේකයි වෙන්නේ - හරිනි කරන්නේ පවර්පොයින්ට් ප‍්‍රසන්ටේෂන් එකක්

මෙම දැරිය, 2012දී ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා, මරදානේ “නිව් නිත්‍යානි එන්ටප්‍රයිසස්” නම් ඒජන්සිය මඟින් සෞදි අරාබියට යවනු ලැබීය. 2015 මැයි 6 වනදා ඇය මියගොස් තිබුණි.

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

නීතීඥයෙකු අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන්ට මිනිස් වෙළෙඳාමට අදාළව නඩු පවරන ලෙස ඉල්ලා තිබූද, නීතිපති උපදෙස් අනුව ආගමන පනත යටතේ පමණක් චෝදනා ගොනු කර තිබුණා යන්නයි.

එමෙන්ම, දැරියගේ මෘතදේහය මෙරටට ගෙන්වීම වළක්වමින් ඒජන්සිය රු. ලක්ෂ 25ක් ලබා දීමට උත්සාහ කර ඇති බවත් අධිකරණයේදී හෙළිවුණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද 2016 අප්‍රේල් 8දී සිදු කර තිබුණා.

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

සැකකරුවන් මේ වනවිට ඇප මත නිදහස්ය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළේ දැරිය විදෙස්ගත වූයේ 2012 වසරේදී බවත්, ඇයගේ දෙවසරක සේවා ගිවිසුම් කාලය 2014 දී අවසන් වූ බැවින් 2015 දී සිදුවූ මරණය සම්බන්ධයෙන් තම සේවාදායකයින්ට වගකීමක් නොමැති බවත්ය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළ අතර, නඩුව නැවත ජූලි මස 31 වන දින කැඳවීමට නියමිතය.