චීනයේ Yarlung Zangbo ජල විදුලි ව්‍යාපෘතිය ගැන අනාවරණයක්

Report

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබෙනවා.

මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වන්නේ චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ.

එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය.

තවත් රිසානා කෙනෙක් - අවුරුදු 13 සෞදි යවලා දැන් මිනිය යටගහන්න ලක්ෂ 25ක්

තවත් රිසානා කෙනෙක් - අවුරුදු 13 සෞදි යවලා දැන් මිනිය යටගහන්න ලක්ෂ 25ක්

ඔහු සඳහන් කළේ පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බවය.

ඔහු අවධාරණය කරන්නේ එම ව්‍යාපෘතිය Yarlung Zangbo ගඟේ සමස්ත ප්‍රදේශයේ ආපදා වැළැක්වීමට ඉවහල් වනු ඇති අතර පහළ ගංගා ප්‍රදේශයට අහිතකර බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි.

ඉන්දියාවේ දරුණු වසංගත තත්ත්වයක්

ඉන්දියාවේ දරුණු වසංගත තත්ත්වයක්

ජල විද්‍යාත්මක නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් චීනය අදාළ පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ විධිමත් සහයෝගීතාවයක් පවත්වා ඇති බවත්, එම ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සන්නිවේදනය විධිමත් ව සිදුකර ඇති බවත් Guo Jiakun මහතා පෙන්වා දෙනු ලැබුවා.

ඔහු ප්‍රකාශ කළේ ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා චීනය පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බවයි. 

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න