කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීම ගැන ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රහාර දියත් කිරීමේ තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ තීරණයක් නොවන බවත්ය.

කටාරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය "ඊශ්‍රායලය හෝ ඇමරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන" බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.

ඊශ්‍රායල හමුදාව කටාර්හි හමාස් ඉලක්ක කරයි - යළි යුද්දය ඇරඹේ..

ඊශ්‍රායල හමුදාව කටාර්හි හමාස් ඉලක්ක කරයි - යළි යුද්දය ඇරඹේ..

ඔහු වැඩිදුරටත් පවසන්නේ, ප්‍රහාරය සිදු වූ ස්ථානය පිළිබඳව තමාට "ඉතා කණගාටුදායක" හැඟීමක් ඇති බවයි.

ඊශ්‍රායලය දෝහා අගනුවර හමාස් සංවිධානයට පහර දෙන බව ඇමරිකානු හමුදාව විසින් තමාට දැනුම් දුන් නමුත්, "අවාසනාවකට මෙන්, ප්‍රහාරය නැවැත්වීමට ප්‍රමාද වැඩියි" යනුවෙන් Truth Social සටහනකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

නේපාල ගැටුම් මැද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි

නේපාල ගැටුම් මැද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි

නේපාල ගැටුම් මැද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි

නේපාල ගැටුම් මැද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි