මහින්දගේ ප්‍රධානත්වයෙන් යළි පන නැගු පොහට්ටුවේ මූලස්ථානයේ විශේෂ රැස්වීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව සහ දේශපාලන මණ්ඩලය අද (06) හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස්වී ඇත.
මෙම රැස්වීමේදී පක්ෂයේ තීරණ කිහිපයක් ගැනීම සහ රටේ වත්මන් තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග මගින් වාර්තා වේ. මැදපෙරදිග ගැටුම්, ජාතික ආරක්ෂාව, ආර්ථික බලපෑම් ඇතුළු විෂයන් මෙහිදී සාකච්ඡා වී ඇති බවට සඳහන් වේ.
මෙම රැස්වීම රටේ දේශපාලන තත්ත්වයන්ට සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ගවලට බලපෑම් ඇති කළ හැකි බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙයි. පක්ෂයේ නිල නිවේදනයක් හෝ වැඩිදුර විස්තර තවමත් නිකුත් වී නොමැති අතර, රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවක් හෝ ප්‍රකාශයක් නිකුත් විය හැකිය.

