කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි
මැදපෙරදිග ප්‍රධාන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) බලාගාරයට වෙත එල්ල වූ මිසයිල් ප්‍රහාරවලට පසුව කටාර් බලශක්තිය විසින් “Force Majeure” තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තත්ත්වය නිසා ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වෙත සිදුකරන LNG සැපයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.
ඉකුත් බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල සිදු වූ මෙම ප්‍රහාරවලින් LNG නිෂ්පාදන ඒකක දෙකක් සහ ගෑස්-ටු-ලික්විඩ්ස් ඒකකයක් දැඩි ලෙස හානි වූ බවට වාර්තා විය.
තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්
අඳාළ සිදුවීමෙන් පසුව කටාර් බලශක්තිය සම්පූර්ණ හානිය තක්සේරු කිරීම සහ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය කාලසීමාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව පවසා ඇත.
ඒ අනුව “Force Majeure” ප්‍රකාශය යටතේ, සමාගමට තම පාලනයෙන් බැහැර වූ තත්ත්වයන් නිසා ගිවිසුම්ගත වගකීම් තාවකාලිකව නවතා දැමීමට හැකි වේ.
කෙසේ වුවත් මෙම තත්ත්වය ගෝලීය ශක්ති වෙළඳපොළටද බලපෑම් එල්ල කළ හැකි බව විශ්ලේෂකයින් පවසයි.