නීති කඩා සාද පවත්වා වීඩියෝව අන්තර්ජාලයට එක් කළ පිරිස (VIDEO)

By Sewvandhi Aug 19, 2021 08:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් රජය විසින් කොතෙකුත් නිවේදන නිකුත් කළ ද අවධානම පිළිබඳ කිසිදු තැකීමත් නොමැති පුද්ගලයින් අප අතර තවමත් සිටී.

එවැනි තරුණයින් පිරිසක් පසුගිය 16 වන දා උප්පුවේලි ප්‍රදේශයේ දී උපන්දින සැමරුමක් පවත්වා තිබේ.

යතුරුපැදිවලින් විශාල තරුණයින් පිරිසක් එක් ස්ථානයට රැස්ව උපන්දින සැමරුම සිදුකිරීම එම ස්ථානයේ සිටි තරුණයෙක් විසින් ම පටිගත කර තිබුණි.

කේක් ගෙඩි කිහිපයක් එම ස්ථානයේ තබා තිබු අතර, එම තරුණයින් විසින් කඩුවක් ආධාරයෙන් කේක් කපන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

එම දර්ශන පහතින් නැරඹිය හැකියි.

වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා හා පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීයෙකු ඇතුළු පිරිසක් රාජකාරී වේලාව තුල මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා. ඒ රජයෙන් ඔවුන්ට ලබා දී තිබූ නිල වාහන තුළදීයි.

මේ අතර,මෙරට කුඩා දරුවන්ට සිදු වු විවිධාකාර පීඩාවන්ට මෙන්ම විවිධ අපචාරවලට දරුවන් යොමුකිරීම් පිළිබද සමාජයේ පවතින්නේ දැඩි කථාබහක්. දරුවන් රැකගැනීම සඳහා බොහෝ ආයතන මෙරට තුල ස්ථාපිතව පවතින පසුබිමක දරුවන්ට එවන් අපරාධ සිදුවන්නේ කෙසේදැයි යන්න ගැඹුරින් සොයා බැලිය යුතු ගැටළුවක්.

2021 වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්තයක් ලෙස දරුවන් සම්බන්ධ ගැටළු 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණ වාර්තා වී තිබෙනවා. ඉන් සිදුවීම් 384 ක් වාර්තා වී තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්. එවන් පසුබිමක් තුල  වාර්තාවුයේ වයඹ පළාතේ දරුවන් සම්බන්ධ කටයුතු කරනා ඉහළ බළධාරීන් රාජකාරී වේලාව තුල නිරන්තරයෙන් මත්පැන් සාද පවත්වන බවයි.

එම තොරතුරු ඔස්සේ අප වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හා පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරයේ නිලධාරීන් පිළිබඳව ඇස ගසාගෙන සිටියේ කලක සිටයි. පෙරේදා රාජකාරී වේලාව තුල එනම්, පස්වරු 2.45 ට කුරුනෑගල තෝරයාය ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලට පැමිණෙන පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට අයත් මෙම නිල රථයෙන් බසින රියදුරා මත්පැන් රැගෙන යළි පිටත්ව යනවා.

එම රථය නතරවන්නේ කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය අසල වයඹ පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලරථය ඉදිරියේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now