ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක් - හේතුව මෙන්න
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, ගත වූ මාස අටකට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම සහ වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ විවිධ පාර්ශ්ව අතර මත භේදයන් ඇති වීමට උත්සාහයක් දක්වමින් ඇති බව පවසති.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසන්නේ, ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් ගෙනයන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද, සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ඇතැම් පාර්ශ්වයයන් මෙම අවස්ථාව භාවිතා කරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියකින්,මේ බව දන්වා ඇත.
එමෙන්ම,එම ලිපියේ විගණකාධිපති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමේ වගකීමක් සහිත තනතුරකට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය නොවන බවද එම ලිපියෙන් සඳහන් කර තිබේ.
ඒ අනුව, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති තනතුර සඳහා පත් කිරීම සුදුසු වන අතර, එය ජනාධිපතිවරයා විසින් ගෙනයන දේශීය ආර්ථික සංවර්ධන වැඩසටහනට ශක්තිමත් සහාය වනු ඇතැයි ලිපියෙන් දැනුම් දී තිබේ.