පළාත් අතර බස් ධාවනය ආරම්භය සම්බන්ධයෙන් ප්‍රකාශනයක්

Covid 19 travel restrictions
By Sithumi Oct 16, 2021 12:29 PM GMT
Sithumi

Sithumi

Report

පළාත් අතර සංචරණ සීමා ලබන 21වන දිනෙන් ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කෙසේවෙතත් එදිනෙන් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළහොත් විශේෂ අවසරයක් මත පළාත් අතර බස්රථ කිහිපයක් හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි

. මේ වනවිට මගීන්ගෙන් අධික මුදලක් අය කරමින් විවිධ පළාත්වල සිට බස්රථ නීතිවිරෝධීව ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි බස්රථ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක 
සබ්ස්ක්‍රයිබ් කරන්න.



වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.