සුළු මොහොතකට පෙර දිවයිනට ආ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේදී උණුසුම මැද CID අත්අඩංගුවට [UPDATE]
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු CID භාරයට ගත් බවයි.
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) දින උදෑසන 8.00ට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.
‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඉකුත් ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබෙනවා.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.