මැලේසියාවේ ඛේදනීය ගුවන් අනතුරක් - පියාඹන වෛද්‍ය හෙලිකොප්ටරය කඩා වැටී වෛද්‍යවරයා සහ හෙදියන් ඇතුළු 5ක් මරුට
මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේදී “පියාඹන වෛද්‍ය” සේවයට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ හෙලිකොප්ටර් නියමුවා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකි.
ඔවුන් අතර වෛද්‍ය නිලධාරියෙකු, සහකාර වෛද්‍ය නිලධාරියෙකු සහ රාජකාරියේ නිරතව සිටි හෙදියන් දෙදෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ඩුල්කෙෆ්ලි අහමඩ් සඳහන් කර තිබේ.
හෙලිකොප්ටරය සරවක් ප්‍රාන්තයේ ලෝන්ග් ලෙලැන්ග් කෙටි ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ ගුවන් තොටුපළ ආසන්නයේදී අනතුරට ලක්ව ඇත. සරවක්හි මිරි ආපදා කළමනාකරණ කමිටුවේ නිලධාරියෙකුද රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන බර්නාමා වෙත අනතුරින් යානයේ සිටි පස්දෙනාම මියගිය බව තහවුරු කර තිබේ.
ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවලට වෛද්‍ය ප්‍රතිකාර, හදිසි ප්‍රවාහන සේවා සහ අනෙකුත් සායනික සේවා සැපයීම සඳහා මෙවැනි ගුවන් වෛද්‍ය සේවා භාවිත කෙරේ. අනතුරින් පසු සිදුකළ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි මීදුම් තත්ත්වය බාධාවක් වී තිබේ.
වසර 15කට පසු Apple සමාගමේ ලොකුම වෙනස- ජෝන් ටර්නස්ගේ මංගල නිෂ්පාදන දැක්ම සහ ශ්‍රී ලංකාවට ලැබෙන මිල ගණන්
ලැව්ගිනි හේතුවෙන් ඇති වූ මීදුම නිසා ගුවන් යානා භාවිත කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකිරීමටද බලධාරීන්ට නොහැකි වී ඇත. සරවක් පොලිස් කොමසාරිස් මොහොමඩ් සයිනාල් අබ්දුල්ලා සඳහන් කර ඇත්තේ අනතුර සිදුවූ ප්‍රදේශය ඉතා දුරස්ථ ස්ථානයක පිහිටා ඇති අතර, මාර්ගයෙන් එම ස්ථානයට ළඟාවීමට පැය 10ක පමණ කාලයක් ගතවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ. බෝර්නියෝ දූපතේ පිහිටි සරවක් ප්‍රාන්තය, අසල්වැසි ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් ඇති වූ මීදුමෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ.
රජයේ දත්ත අනුව එහි ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහළ බැස තිබේ. වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් මැලේසියාව පසුගිය සතියේ සරවක්හි සේරියන් දිස්ත්‍රික්කයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළ අතර, පසුව වායු ගුණාත්මකභාවය යහපත් වීමත් සමඟ එම තීරණය ඉවත් කර තිබුණි.