එක්ස්ප්‍රස් පර්ල්‘ දේශිය සමාගමේ හත් දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි
මෙරට මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නැව් සමාගමේ නියෝජිතයින් හත් දෙනකුට රටෙන් පිටවීම තහනම් කිරීමේ විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (14) නිකුත් කළේය.
මෙම නියෝගය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් පද්ධතිය මකා දමන ලද අතර නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බව, හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන විමර්ශනයේදී ලබාගත් තොරතුරු මත ලබා දී ඇත.
නියෝගය පිළිබඳව කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මෙම විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අතර ඉදිරි නීතිමය ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බවයි.
ඒ අනුව සැකකරුවන්ට රටෙන් පිටවීම තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 23 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කර ඇත.